(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ත්‍රස්තවාදය සාර්ථක ලෙස මර්දනය කළ රටක් ලෙස ශ්‍රී ලංකාවේ අත්දැකීම් ඉදියාවට මෙන්ම ඉන්දීය සාගර කලාපයේ අනෙකුත් රට වලටද වැදගත් වන බව ඉන්දීය නාවික හමුදාපතිවරයා පවසයි.
අද්මිරාල් කරම්බීර් සිං මේ බව පැවසුවේ නවදිල්ලියේදී ඊයේ ආරම්භ වූ ආරක්ෂක නියෝජිත සමුළුවක් අමතමිනි.
ඔහු සඳහන් කළේ මුහුදු කොල්ල සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ජාතීන් අතර හමුදා සහයෝගීතාව වැදගත් වන බවයි.
එහිදී අනෙකුත් නාවික හමුදාවල යහභාවිතයන් එක් කර ගත යුතු බව ඉන්දීය නාවික හමුදාපතිවරයා අවධාරණය කළේය








