FAST NEWS

24×7 Around the Globe

චිලි ඇතුළු රටවල් කිහිපයනට සුනාමි අනතුරු ඇඟවීමක්.

චිලී රාජ්‍යය ආශ්‍රිත මුහුදේ සිදු වූ ප්‍රබල භූ කම්පනයක් සමග චිලි ඇතුළු රටවල් කිහිපයනට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, භූ කම්පනයේ ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 8.3ක් ලෙස සටහන්ව ඇති බව ය.

සැන්ටියාගේ අගනුවර ආශ්‍රිතව ගොඩනැගිලි සෙලවීම් සිදුව ඇති අතර කෙසේ වෙතත් භූ කම්පනයෙන් සිදු වූ හානි මෙතෙක් වාර්තා වී නොමැත.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ, චිලී වේලාවෙන් රාත්‍රී 10.54ට භූ කම්පනය සිදුව ඇති බව ය.

මේ අනුව චිලිහි වෙරළාශ්‍රිත ප්‍රදේශවල ජනතාවට වහා ම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ද දැනුම් දී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය චිලී රාජ්‍යට අමතරව පේරු රාජ්‍යට සහ හවායි දූපත්වලට ද සුනාමි අනතුරු ඇඟවී නිකුත් කර ඇති බව ය.

මීට අමතරව භූ කම්පනය ආසන්න ආර්ජන්ටිනාව සහ බ්‍රසීලයට ද දැනී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.