(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අතර අවබෝධතා ගිවිසුමකට අද අත්සන් තැබීමට නියමිතය.
බස්නාහිර පළාත් සෞන්දර්ය කලා නිකේතන ශ‍්‍රවණාගාරයේදී අද පෙරවරුවේ මෙම කටයුතු සිදු කෙරෙන බවයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර වීරකුමාර දිසානායක පවසයි.
නව ප්‍රජාතාන්ත්‍රික පෙරමුණේ අපේක්‍ෂක පරදා ජය ගැනීමට හැකි ඡන්ද පදනමක් ඇති කිරීම සඳහා අද දිනයේ මෙලෙස ගිවිසුම් ගත වන බව මන්තී‍්‍රවරයා සඳහන් කළේය.








