FAST NEWS

24×7 Around the Globe

අනිද්දා කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ ප්‍රදේශ රැසකට අනිද්දා දිනයේදී පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි. 

ඒ අනුව, අනිද්දා පස්වරු 9 සිට පසුදා පස්වරු 3 දක්වා කොළඹ 9, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

මීට අමතරව, කොටුව සහ පිටකොටුව යන ප්‍රදේශවලට ද අනිද්දා දිනයේදී පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ.