FAST NEWS

24×7 Around the Globe

ඇවන්ට්ගාඩ් සභාපති රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ[UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිට මෙරටට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවටගත් ඇවන්ට් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති නොවැම්බර් 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් නියෝග කර තිබේ.


නිශ්ශංක සේනාධිපති මහාධිකරණය හමුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති කොළඹ විශේෂ මහාධිකරණයට ඉදිරිපත් කර ඇත. 

මොහු සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිට මෙරටට පැමිණීමෙන් පසුව කටුනායක ගුවන් තොටුපලේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපල ඒකකය මගින් අද අලුයම 12. 25 ට පමණ අත්අඩංගුවට ගනු ලැබීය.

ඇවන්ගාඩ් නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වීම සහ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ගුවන් ගමන් තහනමක් පනවා තිබීමට අදාළවයි මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ.