FAST NEWS

24×7 Around the Globe

සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු ජනාධිපතිවරණ කාල සීමාව තුළ අවලංගු කර ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

ඊට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

තැපැල්පතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.