(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු ඇතුළු සය දෙනකු රිය අනතුරකින් පුද්ගලයකු මරණයට පත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිසිය වෙත උපදෙස් දී ඇත.
2011.03.31 දින වව්නියාව සෙට්ටිකුලම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකදී පොලිස් සැරයන් ජයමිනි පුෂ්පකුමාර (36759) නමැත්තාගේ මරණය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පොලිසිය වෙත උපදෙස් ලබා දී තිබේ.








