(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ට ලබාදීම සඳහා ජංගම දුරකතන රැගෙන ගිය ඔහුගේ පියා, සොහොයුරා ඇතුළු හයදෙනා ඇප මත මුදාහැර තිබේ.
ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවේ මෙම සැකකරුවන් අද ඉදිරිපත් කළ අවස්ථාවේදී එක් සැකකරුවෙකුට රුපියල් විසිදහස බැගින් වූ මුදල් ඇප සහ ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
පසුගිය මස 12 වනදාට යෙදී තිබූ සිරකරුවන්ගේ දිනයේදී සැකකරු බැලීම මොවුන් බූස්ස බන්ධනාගාරයට පැමිණ සිටි අතර, එහිදී ඔවුන් කංජිපානිට ලබාදීමට රැගෙන ආ ආහාර අඩංගු භාජන දෙකක් තුළ තිබී ජංගම දුරකතන දෙකක්, එම ජංගම දුරකතන දෙකෙහි චාජර් දෙක හා අඟල් 15 ක් පමණ දිග වයර් කැබැල්ලක් සොයාගෙන තිබේ.








