FAST NEWS

24×7 Around the Globe

ජනපතිවරණය සඳහා පොලීසියට මිලියන 668 වැය වේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුපියල් මිලියන 668 ක මුදලක් ජනාධිපතිවරණ රාජකාරි සඳහා පොලීසියට වැය වන බවට මැතිවරණ කොමිසමට දැනුම්දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කර සිටියේය.

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පොලිතීන් භාවිතය ද සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.