
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය ගැන සෙවීමේ කමිටුවේ පැමිණිලි භාරගැනීම අදින් අවසන්
(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුවේ පැමිණිලි භාර ගැනීමේ කටයුතු අදින් අවසන් වීමට නියමිතය.
මෙම කමිටුව සදහා අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාගේ සභාපතීත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් ජනපති විසින් පත්කළ අතර , මෙම කමිටුව පත් කරනු ලැබුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සහ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහායි.