FAST NEWS

24×7 Around the Globe

දෙහිවල ගුවන් පාලම මතින් යතුරුපැදි ගමන් කිරීම තහනම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙහිවල – ගාලු පාරේ පිහිටි ගුවන් පාලම මතින් යතුරුපැදි ගමන් කිරීම තහනම් කර ඇති බව පොලිසිය පවසයි.

මෙම ගුවන් පාලම මතින් යතුරුපැදි ගමන් කිරීම හේතුවෙන් රිය අනතුරු බහුලව සිදුවීම නිසා මෙම තීරණයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ගල්කිස්ස කොට්ඨාස මාර්ග ආරක්ෂක කමිටුව සහ රත්මලාන මාර්ග සංවර්ධන අධිකාරිය ගත් තීරණයක් මත පසුගිය 10 වනදා සිට මෙම තහනම බලපැවැත්වෙනු ඇත.

ඒ අනුව අදාළ තහනම දැන් දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගනු ඇත.