FAST NEWS

24×7 Around the Globe

සන්ධාන ජාතික ලැයිස්තුවට එරෙහි පෙත්සම සලකා බැලීම කල් දමයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වු මන්ත්‍රීවරුන්ගේ පත්වීම් අහෝසි කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම මේ මස 23 වැනිදා දක්වා කල් දමා තිබේ.

අදාළ පෙත්සම අද කැඳවු අවස්ථාවේ පෙත්සම විභාගයට තමන් සහභාගී වීමට අකමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා එහිදි දැනුම් දී ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

ඒ අනුව පෙත්සම විභාගය මේ මස 23 වනදා දක්වා කල්දැමීමට වැඩබලන අගවිනිසුරු චන්ද්‍රා ඒකනායක මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල තීන්දු කර තිබේ.

පරාජිත මන්ත්‍රීවරුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා පත්කිරීම නීතියට පටහැනි බව පවසා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ඩිව්.ගුණසේකර මහතා විසින් අදාළ පෙත්සම ගොනුකර තිබුණි.