FAST NEWS

24×7 Around the Globe

නීතිවිරෝධී මත්පැන් සමග පානදුරේදී සැකකරුවෙක් අල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 168 කට අධික ප්‍රමාණයක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 380 ක් සොයාගෙන තිබේ. 

මෙම මත්ද්‍රව්‍ය තොගය මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අනුව බොල්ගොඩ ගං ඉවුරේ තිබී නීතිවිරෝධී මත්පැන් පෙරීමට භාවිත කරන ගෝඩා ලීටර් 655ක් සහ තඹ දගර දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු අවුරුදු 31 ක් වයසැති පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය පිළිබදව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.