FAST NEWS

24×7 Around the Globe

ජම්පටා වීදියේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙක් මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ ජම්පටා වීදියේදී ඊයේ රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු තවත් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය කීය.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි.