FAST NEWS

24×7 Around the Globe

කොටුව පොලිසියේ අපරාධ – පාලන ස්ථානාධිපතිවරුන්ගේ වැඩ තහනම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොටුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගේ සහ පාලන අංශයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

පාස්කු ප්‍රහාරය මෙන් දැවැන්ත ප්‍රහාරයක් ඉදිරියේ දී මර්මස්ථාන ඉලක්ක කිරිමට සුදානමක් ඇති බවට බුද්ධි තොරතුරු ලැබී ඇතැයි කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් කිහිපයකට තොරතුරු ඉල්ලා ලිපි යැවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම ස්ථානාධිපතිවරුන්ගේ වැඩ තහනම් කර තිබේ.

ඉකුත් 2 දින යැවූ බව කියන මෙම ලිපිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එහිදී එම ලිපියේ සඳහන් කරුණුවල සත්‍යතාවයක් නොමැති බවට හෙළිවීම හේතුවෙන් මෙම වැඩ තහනම සිදුකර ඇත.