FAST NEWS

24×7 Around the Globe

මාතරින් මුහුදු ගිය බෝට්ටුව නැවක හැපී මොරටුවට ගොඩ ගසයි.

මාතර කෝට්ටගොඩින් මුහුදු ගිය බෝට්ටුවක් මුහුද මැදදී නැවක හැපී කැඩී ගොස් ඇතැයිද එහි සිටි ධීවරයන් නැවකින් බේරාගෙන ඇතැයිද මොරටුව ධීවර පරීක්ෂක එම්.රත්නායක මහතා කියයි. කැඩී ගිය බෝට්ටුව මොරටුව කොරළවැල්ලට ගොඩ ගසා ඇතැයි ධීවර හා පොලිස් ආරංචි කියයි.

බෝට්ටුවේ සිටි ධීවරයන් 4 දෙනා නැවකින් බේරාගෙන ඇතැයිද දැනගන්නට ඇත.

අද අලුයම් කාලයේ පැවැති චණ්ඩ මාරුතයෙන් මෙම බෝට්ටුව අනතුරට පත්වන්නට ඇතැයි අනුමාන කෙරේ.