(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් ඇණහිට තිබූ දුම්රිය ධාවන කටයුතු යථා තත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දින 12 ක් පුරා වැටුප් විෂමතා ගැටළුවක් මුල් කරගනිමින් ක්‍රියාත්මක කළ දුම්රිය වර්ජනය ඊයේ (07) අවසන් කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු කියා සිටියේ අද පස්වරුව වන විට සමස්ත දුම්රිය ධාවන කටයුතු නියමිත වේලාවන්ට අනුව කරවීමට හැකියාවක් ඇති බවයි.








