FAST NEWS

24×7 Around the Globe

දුම්රිය විස්සක් ධාවනයේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රිය රියදුරන්, නියාමකයින් සහ ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වර්ජනය අද 12 වන දිනටත් ක්‍රියාත්මක වේ.

ඒ වැටුප් විෂමතා ගැටළු කිහිපයක් මුල් කරගනිමිනි.

දුම්රිය ගමනාගමන අධිකාරී වී.එස්. පොල්වත්තගේ සඳහන් කළේ පෙරවරුවේ දුම්රිය විස්සක් ධාවනයට එක්කළ බවයි.

මේ අතර යුද හමුදාව අදියර 3ක් යටතේ දුම්රිය රියදුරන්, නියමක හා ස්ථානාධිපතිවරුන් ලෙස පුහුණු කිරීමට අවශ්‍ය අනුමැතිය ලබාදුන් බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ පවසයි.