(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් ඊයේ (05) පැවති රැස්වීමේදී එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය තීරණය කිරීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා කියා සිටියේ ජනාධිපතිවරයා විසින් ගන්නා තීරණය පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් අද පෙරවරු 11.00 ට මාධ්‍ය හමුවක් කැඳවමින් රටට අනාවරණ කරන බවයි
ජනාධිපතිවරයා සිය තීන්දුව අද උදෑසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.








