FAST NEWS

24×7 Around the Globe

දුම්රිය වර්ජකයින්ට එරෙහිව පොලිසියෙන් පියවර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 10 වන දිනට ක්‍රියාත්මක දුම්රිය වර්ජනයේ නිරත වෘත්තීය සමිතිවලට එරෙහිව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු පැවසුවේ ලබන සඳුදා සිට වර්ජනයේ නිරත සේවකයින් නිසි පරිදි සේවයට වාර්තා නොකළහොත් මෙලෙස නීතිමය පියවර ගන්නා බවයි.

අද (05) පෙරවරුවේ දුම්රිය වාර 12ක් ක්‍රියාත්මක වූ අතර, පස්වරුවේ දුම්රිය වාර 8ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.