(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීම අද (05) පස්වරුවේ පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
අද (05) රාත්‍රී 7 ට කොළඹ පිහිටි ජනාධිපති නිල නිවසේදී මෙම මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වේ.
එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනුගමනය කරන ක්‍රියාමාර්ගය පිළිබඳව මෙහිදී අවසන් තීන්දුවක් ගැනීමට සුදානම්ව තිබේ.








