FAST NEWS

24×7 Around the Globe

ඇමති රාජීතගේ පුත් මන්ත්‍රී චතුරට අධිකරණයෙන් නොතිසී.

පොලිසීය භාරයේ සිටි පිරිසකට ඊයේ අලුයම තර්ජනය කළ බව කියන සිද්ධියකට අදාළව ගම්පහ දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නට නොතීසි නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන හා චතුර සේනාරත්න යන අයගේ ආධාරකරුවන් පිරිසක් ගැටීමෙන් තිදෙනෙකු මේවන විටත් රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

සිද්ධියට අදාළව පොලීසිය විසින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එසේ තිබියදී ඊයේ අලුයම චතුර සේනාරත්න පොලීසියට ගොස් අත්අඩංගුවේ සිටි පිරිසට තර්ජනය කර ඇත.

ඒ පිළිබඳ පොලීසිය විසින් අධිකරණයට කරුණු දැක්වීමෙන් පසු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් චතුර සේනාරත්නට නොතීසි නිකුත් කර ඇත.

ඔහු ඔක්තෝම්බර් මස 20 වන දින අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට අධිකරණය විසින් නොතීසි නිකුත් කළ බවයි පොලීසිය පැවසුවේ.