FAST NEWS

24×7 Around the Globe

අඛණ්ඩ වැඩ වර්ජනය ගැන වෛද්‍යවරුන් අද අවසන් තීරණයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවීම සම්බන්ධයෙන් අද දිනයේ අවසන් තීරණයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

වැටුප් ගැටළුවක් මුල් කර ගනිමින් ඔවුන් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට සුදානම් වන අතර අද දිනයේ රැස් වන විධායක සභාවේදී අවසන් තීරණයක් ගන්න බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.