FAST NEWS

24×7 Around the Globe

අභිරහස් ලෙස මියගිය ඇතින්නියන් ගැන සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හබරණ – හිරිවඩුන්න තුන්බිකුලම රක්ෂිතයේ වන ඇතින්නියන් සත් දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

මෙම කමිටුවට ජ්‍යෙෂ්ඨ පශූ වෛද්‍යවරයෙකු , සහකාර වනජීවී අධ්‍යක්ෂවරයෙකු සහ වන සත්ව අඩවි ආරක්ෂක උද්‍යාන භාරකරුවෙකු ඇතුළත් වෙයි.

සතියක් ඇතුළත මූලික වාර්තාවක්ද ලැබුණු පසු එය ප්‍රසිද්ධියට පත් කරන බව විෂය භාර අමාත්‍ය ජෝන් අමරතුංග කියා සිටියේය.