FAST NEWS

24×7 Around the Globe

අදත් සාකච්ඡා අසාර්ථකයි.දුම්රිය වර්ජනය තවදුරටත්[VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රිය වෘත්තීය සමිත හා බලධාරීන් අතර අද (02) පෙවරුවේ තවත් සාකච්ඡාවක් පැවතී අතර එහිදීද බලධාරීන් සහ දුම්රිය සේවකයින්ට  එකඟතාවයකට පැමිණීමට නොහැකිවී තිබේ.

එම සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් දුම්රිය වර්ජනය ඉදිරියට කරගෙන යෑමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

පසුගිය සඳුදා(30) අමාත්‍ය මණ්ඩල අනු කමිටුව හමුවේ පැවැත්වු සකච්චාවේදී , අමාත්‍ය මණ්ඩලය 2018-05-09 වන දින එළබි තීරණය අනුව, දුම්රිය සේවාව සංවෘත සේවාවක් බවට පත්කර මෙම ශ්‍රේණි හා වැටුප් විශමතා ඉවත් කිරීමට එකගතාවයකට පැමිණ තිබේ.

නමුත් එය ඊයේ(01) දින අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තීරණයක් ලැබෙන තෙක් දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කිරීමට අදාල සියලු දුම්රිය සේවකයින් තීරණය කළේය.

මේ අතර දුම්රිය වර්ජනය නිසා අද පෙරවරුවේද කාර්යාල දුම්රිය කිහිපයක් පමණක් ධාවනය කෙරුණු අතර එම දුම්රිය වලින් මගීන් කොළඹට පැමිණියේ මෙලෙසය.