FAST NEWS

24×7 Around the Globe

පූජිත් – හේමසිරිගේ පෙත්සම් සලකා බැලීමට දින නියම වෙයි [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට හා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව ඉදිරිපත්වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන ජනවාරි මස 20 සිට විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු වගඋත්තරකාර පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදුන්නේය. 

මෙම නියෝගය ප්‍රකාශයට පත්කරනු ලැබුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු සිසිර ද ආබෲ, විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන, විනිසුරු ප්‍රසන්න ජයවර්ධන, විනිසුරු එල්.ටී.බී.දෙහිදෙනිය සහ විනිසුරු මුර්දු ප්‍රනාන්දු යන සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනි.

බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ත්‍රස්ත ප්‍රහාරය වළක්වාගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුලු පාර්ශවකරුවන් කිහිපයකට එරෙහිව පෙත්සම් 12 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකරනු ලැබීය.