FAST NEWS

24×7 Around the Globe

ජනපති සහ සජිත් අතර විශේෂ හමුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේදී ඊයේ(01) රාත්‍රී පවත්වා ඇති බවට වාර්තා වේ.

පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් සහ අමාත්‍ය කබීර් හෂිම් ද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සාකච්ඡා වලට එක්ව තිබේ.

ඊයේ රාත්‍රි 09.30ට පමණ ආරම්භ වූ සාකච්ඡා පැය කිහිපයක් පැවැති අතර එහිදී ගත් තීරණ පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැත.