FAST NEWS

24×7 Around the Globe

ඇමති අශෝක් දුම්රිය වර්ජකයින්ට කල තර්ජනය [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රිය වර්ජකයින් සහ ඇමති අනුකමිටුව සමඟ පැවති සාකච්ඡාවේදී එකඟ වූ පරිදි දුම්රිය දෙපාර්යතමේන්තුව සංවෘත දෙපාර්තමේන්තුව කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසයි.

ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ තවදුරටත් දුම්රිය වර්ජනය ගෙන ගිය හොත් ඉදිරියේදී ඔවුන් සම්බන්ධයෙන් තීරණයක් ගන්න බවයි.

වර්ජනය ක්‍රියාත්මක වුවද අද දිනයේ කාර්යාල දුම්රිය 12ක් පමණ ධාවනය කෙරුණු බව අමත්‍යවරයා පැවසුවේය.

වර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ට මෙම දින 6 තුළ අතිකාල දීමනා අහිමිවීමෙන් ඔවුන්ට විශාල පාඩුවක් සිදුව ඇති බවද අමත්‍යවරයා පෙන්වා දුන්නේය.