FAST NEWS

24×7 Around the Globe

කංජිපානි ඉම්රාන් යළි රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඞ් නජීම් මොහොමඞ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් ලබන 15 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියම කළේය.

ඝාතන කිරීම, කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට විරුද්ධව පවරා ඇති නඩු 5 ක් අද සලකා බැලූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා අද (01)  මෙම නියෝග නිකුත් කළේය.

ගංජා කිලෝ 05 යි ග්‍රෑම් 300 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට මේ වන විටත් වසර 06ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම වී ඇති කංජිපානි ඉම්රාන් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටිනවා.