FAST NEWS

24×7 Around the Globe

මා පුරවැසියෙකු බව ඔප්පු කල හැකියි – ගෝඨාභය [PHOTOS | AUDIO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කෙරුණු ගෝඨාභය රාජපක්ෂ සිය අමෙරිකානු පුරවැසිභාවය පසුගිය අප්‍රේල් මාසයේදී නිළ වශයෙන් ඉවත්කර ගත් බව ප්‍රකාශ කර තිබේ.

මෙරට විදේශ ගමන් බලපත්‍රයත්, හැදුනුම්පතත් ඔහුට ලැබී ඇත්තේ දැනට පවතින රජය යටතේ බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රයක් හා ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට තමන් ක්‍රියා කළ ආකාරය ඔහු මෙලෙස ප්‍රකාශ කර සිටියේය.