FAST NEWS

24×7 Around the Globe

දිවයිනේ සියලුම මත්පැන්හල් වසා දැමීමට නියෝගයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ සියලුම මත්පැන් සිල්ලරට විකිණීමේ සුරාබදු බලපත්‍ර‍ ලත් ස්ථාන ඔක්තෝම්බර් 03 වන දින වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් නියෝග කොට තිබේ.

ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් එදින දිවයින පුරා පිහිටි සියළුම මත්පැන් සිල්ලරට විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබෙන බවට සහතික වීම පිණිස අවශ්‍ය මුර සංචාර පැවැත්වීමටත්‚මෙම නියෝගය කඩ කරමින් මත්පැන් අලෙවිය සදහා විවෘත කොට තිබෙන ඵම බලපත්‍ර ලත් ස්ථාන වලට ඵරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කොට ඵම බලපත්‍ර අත්හිටුවීමට කටයුතු කිරීමටත්‚ඵ් අතරම මත්පැන් සැපයුම් දාමයට අදාල නීත්‍යාණුකූල කටයුතු විධිමත්ව සිදුවන බවට වගබලාගැනීමටත් සියළුම ක්ෂේත්‍රගත සුරාබදු නිලධාරීන්හට උපදෙස් දී ඇත.

මීට අමතරව සමස්ත දිවයිනම ආවරනය වන පරිද්දෙන් නීති විරෝධී මත්පැන් හා නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය, සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම වැලැක්වීම සඳහා ද නීතිය උල්ලංඝනය කරන්නන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ද සියලුම ක්ෂේත්‍රගත සුරාබදු නිලධාරීන්හට උපදෙස් ලබා දී තිබේ.

පළාත් භාර සහකාර සුරාබදු කොමසාරිස්වරුන්ගේ හා ඒ ඒ දිස්ත්‍රික් භාර සුරාබදු අධිකාරීවරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා දිවයින පුරා සුරාබදු ස්ථාන 58 කට අනුයුක්තව සේවය කරනු ලබන සුරාබදු නිලධාරීන් 1000 ක් පමණ වූ සුරාබදු නිලධාරීන්හට නියෝග ලබා දී ඇත.