FAST NEWS

24×7 Around the Globe

අරුවක්කාලුවට කසල රැගෙන පැමිණි ටිපර් 28 කට විරෝධය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අරුවක්කාලු කසල අංගනය වෙත කසල රැගෙන පැමිණි ටිපර් රථ 28 කට අංගනයට ඇතුළු වීමට ඉඩ නොදී පිරිසක් විරෝධතාවයක නිරත වී ඇත. 

අරුවක්කාලු කසල අංගනය ඉදිරිපිට මෙම විරෝධතාවය සංවිධානය කර තිබූ බව වනාතවිල්ලුව පොලිසිය සඳහන් කළේය.

සේරක්කුලිය ධීවර ගම්මානයේ පදිංචිකරුවන් පසුගිය 29 වැනිදා අරුවක්කාළු කසල අංගනය හේතුවෙන් තමන්ගේ ජන ජීවිතයට තර්ජන එල්ල වී ඇති බව සදහන් කරමින් පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළේය.

මේ අතර කොළඹ එකතු වන කසල අරුවක්කාලු කසල අංගනයට බැහැර කිරීම සඳහා ඉදිරි මාස 06 ක කාලයක් සඳහා රුපියල් කෝටි 72 ක මුදලක් කොළඹ නගර සභාව විසින් වෙන් කිරීමට ද තීරණය කර ඇති බව වාර්තා විය.