FAST NEWS

24×7 Around the Globe

නීති ගැටළු වලට දේශපාලනය එපා – හිටපු අගවිනිසුරු [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පිටු හතකින් යුත් නඩුවක් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ නඩුව අධිකරණයේ විභාගයට ගැනීමෙන් අනතුරුව එම භූමියේදී මාධ්‍ය අමතමින් තම චරිත ඝාතනය පිළිබඳව අදහස් ප්‍රකාශ කළේය.

ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා විසින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනුකර ඇති නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමේ හැකියාවෙක් නොමැති බවට මූලික විරෝධතාවක්, ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

එම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එල්.ටී.බී, දෙහිදෙනිය, මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරෙයි රාජා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද(30) කැදවූ අවස්ථාවේදී ඔවුන් සඳහන් කළේ එම මූලික විරෝධතාව සම්බන්ධයෙන් වන නියෝගය ඉදිරියේදී ලබාදීමට කටයුතු කරන බවයි.

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ඇතුළු තුන්දෙනෙකු විසින් පසුගිය වසරේ දෙසැම්බර් මස 03 වනදා මරදාන ප්‍රදේශයේ පැවති රැළියකදී කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කර ඇති බව පවසමින් මෙම නඩුව ගොනු කර ඇත.

ගෝඨාභය රාජපක්ෂට ද තමාට මෙන්ම තේනුවර ඇතුළු පිරිස විසින් මෙලෙස නඩු පවරා ඇති බවද නිතිය උපයෝගී කර ගනිමින් මෙලෙස මිනිසුන්ට හිරිහැර කිරීමට උත්සාහ කරන බවද දේශපාලන පක්ෂ කිසිම අවස්ථාවක උසාවිය හා සම්බන්ධ නොවිය යුතු බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.