FAST NEWS

24×7 Around the Globe

ලංකා කම්කරු කොංග්‍රසයේ සහයත් එජාපයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණයට සුළු පක්‍ෂවල සහය ලබා ගැනීම වඩා තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇත.

මෙරට වතුකර ජනතාව නියෝජනය කරන ලංකා කම්කරු කොංග්‍රසයේ සහය කා හට හිමිවේවිද යන්න පිළිබඳ සියළුදෙනාගේම අවධනය යොමුව ඇත.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් එජාපයට සහය දීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

පක්ෂයේ පාර්ලිමේන්තු සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ මෙන්ම ආධාරකරුවන්ගේ ඉල්ලීම මත එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට සහයෝගය ලබාදීමට ලංකා කම්කරු කොංග්‍රසයේ ගත් තීරණය මෙම සතියේදී ප්‍රකාශ කිරීමට නියමිත බව පැවසේ.

තම පක්ෂය විසින් හඳුනාගෙන ඇති වතුකරයට බලපා කරුණු 32ක් සම්බන්ධයෙන් ඇමැති සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජක්ෂ සමග සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතා කියයි.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති ධුර අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට හිටපු මැතිඇමතිවරුන් කිහිප දෙනෙකු තීරණය කර තිබේ.