FAST NEWS

24×7 Around the Globe

කොටදෙණියාව දැරිය ඝාතනය පිළිබඳ පරීක්ෂණ CIDයට.

කොටදෙණියාව දැරිය ඝාතනය පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බව පොලීසිය පවසයි.

පසුගිය 11 වන දා රාත්‍රීයේ දෙමව්පියන් සමග නිවසේ නිදා සිටියදී අතුරුදන් වූ 5 හැවිරිදි සේයා සදෙව්මි දැරියගේ මළ සිරුර පසු දා සොයා ගැනුණේ නිවස අසල පිහිටි ඇළ ඉවරක තිබියදී ය.

දූෂණය කර ගෙල සිර කර ඝාතනය කර තිබූ සේයා දැරියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ සිදු කෙරිණ.