(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්, විශ්වවිද්‍යාල පද්ධතිය තුලින් ක්‍රියාකාරී දේශපාලන කටයුතු වසර 5කට තහනම් කිරීම කෙරෙහි අවධානය යොමු කලයුතු බව හිටපු කැබිනට් අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මෙරට සියලු විශ්වවිද්‍යාල අනාගත නායකයන් බිහිකරන වේදිකාවක් බවයි.
නමුත් අවාසනාවකට මෙන් වත්මනේ සරසවි ප්‍රචණ්ඩ හා හිංසාකාරී තත්ත්වයක් පවතින අතර එය මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය විනාශ කර ඇති බව මිලින්ද මොරගොඩ මහතා පෙන්වා දෙයි.
විශ්වවිද්‍යාල බුද්ධිමත් මණ්ඩප බවට පත් කරන තීරණයක් වශයෙන් ඉගෙන ගන්නා සිසු සිසුවියන්ගේ ක්‍රියාකාරි දේශපාලන කටයුතු විශ්වවිද්‍යාලය තුළ තාවකාලිකව තහනම් කිරීම සුදුසු වන බව හිටපු කැබිනට් අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා කියා සිටී.








