FAST NEWS

24×7 Around the Globe

හබරණදී තවත් අලියෙකු මරා දමයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හබරණ ආසිරි ගමදී වෙඩි වැදී මිය ගිය අලියෙකුගේ මළසිරුරක් සොයා ගෙන තිබේ .

අද උදෑසන ගනේවැල්පල වනජීවී නිලධාරීන් විසින් මිය ගොස් සිටි වන අලියාගේ සිරුර සොයා ගෙන ඇත.

එම වන අලියා හට කිසියම් පිරිසක් පුද්ගලයෙකු වෙඩි තබා ඇති බවට අනාවරණය වී ඇත.

අද උදෑසන තම වගාබිම නිරීක්ෂනයට ගිය ගම්වාසියෙකු මියගොස් සිටි වන අලියා දැක ඒ පිලිබද ගනේවැල්පොල වනජීවි කාර්යාලයට දැනුම් දී තිබේ.

ඒ අනුව පැමිණි වනජීවි නිළධාරීන් සිදුකළ නිරීක්ෂණයක දි අවරුදු 45 ක් පමණ වන අලියෙකු මෙලෙස මිය ගොස් සිටි බව හදුනාගෙන ඇත.

වන අලියාගේ හිස ප්‍රදේශයට හා පිටුපස ප්‍රදේශයට වෙඩි පහර කිහිපයක් වැදි තිබූ බවත් ඒ අනුව මෙම වල් අලියා ඊයේ (29) සවස මිය යන්නට ඇති බවත් වනජීවි නිළධාරීහු සැක පළ කරයි.

හිසට එල්ල වී තිබූ එක් වෙඩි පහරක් වන අලි‍යාගේ මුඛය ප්‍රදේශයෙන් මතුවී තිබු බවද වාර්තාවේ.