(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රිය වැඩ වර්ජනයට එක්ව සිටින වෘත්තීය සමිති හා ජනාධිපති පත්කළ ඇමැති අනු කමිටුව අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වේ.
ඒ අද පස්වරු 3.00 ට මුදල් අමාත්‍යාංශයේ දී.
දුම්රිය වර්ජනයට දින පහක් ගතවී තිබෙන අතර මේ හේතුවෙන් දුම්රිය මගීන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටිති.
අද (30) පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී සුබදායක විසඳුමක් නොලැබුණොත් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බවද දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් ජානක ප්‍රනාන්දු මහතා පැවසීය.








