FAST NEWS

24×7 Around the Globe

පොහොට්ටුව කපා ගෝඨාට සහය – ශ්‍රීලනිප

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කිසිදු අයුරකින් පොහොට්ටුව ළකුණට ඡන්දය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොහැකි බව ඊයේ(29) දිනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ටද දැන්වූ බවයි කුරුණෑගල අද(30 ) පැවැත්වූ නිදහස් පක්ෂ සම්මේලනයට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේය.

මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ පොදු ජන පෙරමුණ වෙනුවෙන් නිදහස් පක්ෂය කැපකිරීම් රැසක් සිදුකල බවත් එහෙත් පොදුජන පෙරමුණෙන් ඊට සාධනීය ප්‍රතිචාර නොලැබෙන බවත්ය.

තම පක්ෂයේ කිසිවෙකු පොහොට්ටුවට ඡන්දය ලබා නොදෙන බවත් ගෝඨාභය රාජපක්ෂට සහයෝගය දිය හැකි බවත් ඇමති දයාසිරි ජයසේකර ප්‍රකාශ කර ඇති බආරංචි මාර්ග පවසයි.