(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (30) දිනයේදී පාසල්වල අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව ගුරු වෘත්තීය සමිති පවසයි.
වැටුප් විෂමතා ගැටළු හේතුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වෘත්තීය ක්‍රියාමර්ගයක නිරත විය.
මේ හේතුවෙන් පාසල්වල අධ්‍යයන කටයුතුවලට දැඩි බාධා එල්ල වූ අතර , පාසල් සිසුන්ගේ පැමිණීමෙහිද විශාල අඩුවක් දක්නට ලැබිණි.
රාජ්‍ය ආයතනවල වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත්කල කැබිනට් අනු කමිටුව සමග අද පස්වරුවේ සාකච්ඡාවකට එක්වන බව ලංකා ගුරු සේවා සංගමයේ සභාපති මහින්ද ජයසිංහ මහතා පැවසුවේය.
මේ අතර , අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දින 04 ක් පුරා වසා තැබුනු ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල සියලු පාසල් අද සිට යළි ආරම්භ කළේය.








