FAST NEWS

24×7 Around the Globe

එජාපයේ අති විශේෂ හමුවක් සිරිකොතදී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට අද(30) පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂයේ සියලූම ආසන සංවිධායකවරුන් කැඳවා ඇති බවට වාර්තා වේ.

මෙම කැඳවීමේ අරමුණ වනුයේ ඉදිරි ජනාධිපතිවරණය මෙහෙයවන ආකාරය සහ ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙල සම්බන්ධයෙන් ආසන සංවිධායකවරුන් දැනුවත් කිරීමයි.

නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඇතුලූ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් එක්වීමට නියමිත මෙම හමුව එක්සත් ජාතික පක්ෂ නායක ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කැඳවා ඇත.