(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස තමන්ට කල බලපෑම් පිලිබඳ හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් හෙලිදරව්වක් කර තිබේ.
ඒ පාඨලී චම්පික රණවක සහ රාජිත සේනාරත්න යන අමාත්‍යවරු ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස තමන්ට දැඩිව බලපෑම් කළ බවටයි.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ සති අන්ත ජාතික පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
ඔහු මෙහිදී පෙන්වා දී ඇත්තේ ඒ සම්බන්ධයෙන් කටයුතු නොකිරීම නිසා ප්‍රමාණවත් තරම් සුදුසුකම් තිබුණු තමන්ට නීතිපති තනතුර ද හිමි නොවූ බවයි.
එමෙන්ම, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පිහිටුවීම හා එහි ක්‍රියාකාරීත්වය මුළුමනින්ම නීතිවිරෝධී බව ද හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මෙහිදී පවසා තිබේ.
මේ ලෙස ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩා සිද්ධිය සම්බන්ධයෙන් බලපෑම් එල්ල වූයේ තමන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් ලෙස කටයුතු කරන අවධියේ සිටම බව ද සුහද ගම්ලත් මෙහිදී පවසා ඇත.








