(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කරදියනාරු ප්‍රදේශයේදී පිරිමි දරුවෙකු වෙඩි වැදීම හේතුවෙන් මියගොස් තිබේ.
පුද්ගලයින් තිදෙනෙකු සමඟ දඩයමේ ගිය 13 හැවිරිදි දරුවෙකු මෙලෙස ගිනි අවිය ක්‍රියාත්මක වී මිය ගොස් ඇත.
දඩයම් කිරීම සඳහා රැගෙන ගිය ගිනි අවියක් හදිසියේ ක්‍රියාත්මක වීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
මෙම දරුවා මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
ඔහු කරදියනාරු – කිතුල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
දරුවා සමඟ දඩයමේ ගිය අනෙක් පුද්ගලයින් තිදෙනා පොලිස් භාරයට ගෙන වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.








