(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය ලබාදෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීන්දුව හෙට(30) ප්‍රකාශ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සමඟ සාකච්ඡා කර අවසන් තීරණයක් ගෙන එය ලබන සඳුදා වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත දැනුම් දෙන බව ශ්රීලනිපය පවසා තිබේ.
ඊයේ(29) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පවත්වා ඇත.
ඒ නව සන්ධානය ගොඩනැගීම පිළිබඳවයි.
මෙම හමුවට පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ද එක්ව සිටි බව වාර්තාවේ.
එහිදී ඉදිරි ජනාධිපතිවරණයේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කල බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.








