FAST NEWS

24×7 Around the Globe

අගමැති රනිල් අද ඉන්දීය ජනපති හමුවේ.

ඉන්දීයාවේ තුන්දින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16) ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජී මහතා හමුවීමට නියමිත ය.

ඉන්දියාවේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා සමග ඊයේ සාකච්ඡා කළේ ය.

සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර ද්විපාර්ශවීය ගිවිසුම් 4 කට අත්සන් තැබිණි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවීමට පෙර රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුස්මා ස්වරාජ් මහත්මිය ද හමුවිය.

ඊයේ (15) පස්වරුවේ ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි මහත්මිය හමු වූ රනිල් වික්‍රමසිංහ මහතා, කොංග්‍රස් පක්ෂයේ උප සභාපති රාහුල් ගාන්ධි හා හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං යන මහත්වරුන් ද හමු වී සාකච්ඡා කළේ ය.