FAST NEWS

24×7 Around the Globe

චන්ඩ මාරුතයක් රත්නපුරයට විදුලිය අහිමි කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   පවතින අයහපත් කාළගුණය හේතුවෙන් රත්නපුර ප්‍රදේශය හරහා හඹා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස 10,000 කට පමණ විදුලිය ඇණ හිට ඇති බව ලංකා විදුලිබල අමාත්‍යාංශය පවසයි.

ඊයේ රාත්‍රියේ හටගෙන තිබෙන මෙම සුළගින් අඩපන වූ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරිම සදහා අවශ්‍ය පියවර ගෙන ඇති අතර , ඒ සදහා සැලකිය යුතු කාලයක් ගත වනු ඇති බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ.