FAST NEWS

24×7 Around the Globe

පරිගණක ජාලයේ දෝෂයකින් තැපැල් කටයුතු අඩාලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  තැපැල් දෙපාර්තමේන්තු පරිඝණක ජාලයේ හටගෙන ඇති හදිසි දෝෂ තත්ත්වයක් හේතුවෙන් දින කීපයක සිට පාරිභෝගික සේවා කටයුතු පවත්වාගෙනයාමේ ගැටලුවක් මතුව තිබෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 

අදාල දෝෂය යථා තත්වයට පත්කිරීමට අවශ්‍ය සියලු කටයුතු ක්‍රීයාත්මක කර ඇති බවත් පාරිභෝගික ජනතාවට සිදුව ඇති අපහසුතාව පිළිබඳ කණගාටුව පළ කරන බවත් තැපැල් දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.