FAST NEWS

24×7 Around the Globe

හිටපු රේගු අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් තාරක සෙනෙවිරත්න යන අය අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මඟින් ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

අනුරාධපුර සඳහිරු සෑය ඉදි කිරීමේදී එහි තැන්පත් කිරීම සඳහා රාජ්‍ය සන්තක කර තිබු කිලෝග්‍රැම් 08 ක බරකින් යුත් රත්‍රං තොගයක් මුදාහැර ඇති බවට මොවුන් දෙදෙනාට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.