(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනතාවට සේවය කිරීමට ලැබීම තමාට සතුටක් බව එජාප ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මව හේමා ප්‍රේමදාස මැතිණිය මාධ්‍ය විසින් කරන ලද ප්‍රශ්න කිරීමකදී ප්‍රකාශ කර සිටියාය.
තම පුත්‍රයා පිළිබඳව තමා බොහෝ සෙයින් සතුටු වන බවත් අභියෝග බොහෝ සේ පැමිණිය ද දැන් ඒවා අමතක කොට කටයුතු කළ යුතු බව එම ප්‍රශ්න කිරීමේදී ප්‍රේමදාස මහත්මිය වැඩි දුරටත් පවසා සිටියාය.








