FAST NEWS

24×7 Around the Globe

ඇවන්ට්ගාඩ් නඩුවේ විත්තිකරුවන්ට අධිචෝදනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇවන්ට්ගාඩ් නඩුවට අදාලව අධිචෝදනා භාරදීම අද සිදු කෙරුණි.

ඒ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේදීය.

නඩුව අද(27) කොළඹ විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී තුන්වන විත්තිකරුවන විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ඇතුලු විත්තිකරුවන් 9 දෙනෙකුට සහ රක්නා ලංකා සමාගම හා ඇවන්ට්ගාඩ් මැරිටයිම්ස් සර්විසස් සමාගමට මෙලෙස අධි චෝදනා භාර දී තිබේ.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය විසින් අධි චෝදනා භාරදී ඇත.

විත්තිකරුවන් ඇප මත මුදාහැරීමට නීතිපතිවරයා විරුද්ධත්වය පළකරන බව ඇය අධිකරණයට දැනුම් දුන්නේය.

එම් වී ඇවන්ට්ගාඩ් නම් නෞකාව තුල නීති විරෝධී ආකාරයෙන් ස්වයක්‍රීය ගිණි අවි සහ සජීව පතොරම් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අධිචෝදනා 7573 ක් යටතේ මෙම නඩුව පවරා තිබේ.

ඒ අනුව විත්තිකරුවන් ඇප මත මුදාහරින්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද දැනුම් දීමට නියමිතයි.